Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2017 12:10:43 Hours

දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ උසස් ඉංග්‍රිසී පාඨමාලාව

ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ලිවීම, කථාකිරීම, කියවීම සහ ඇහුම්කන්දීම වැනි කුසලතා වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් වන්නි ආරක්ෂකසේනා මුලස්ථානය විසින් දෙසැම්බර් මස 05 වන දින සිට ජනවාරි 6 වන දා දක්වා මාසයක පමණ කාලසීමවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී උසස් ඉංග්‍රිසී භාෂා පාඨමාලාවක් පවත්වන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංගගේ උපදෙස් මත පැවැත් වූ මෙම පාඨමාලාව සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 21 දෙනෙකු සහභාගි වූහ.

මෙහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොල විසින් පාඨමාලා ලාභීන් වෙත සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිනි.

Sports News | Nike React Element 87