2017-08-09 15:01:28
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ධනාත්මක ආකල්ප සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන තෘප්තීමත් හමුදා ජිවිතයක් වැඩසටහනේ තවත් අදියරක් බ්‍රහස්පතින්දා (03) වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දී පවත්වනු ලැබීය.
2017-08-09 10:57:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 5 වන ‘දකුණු ආසියානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය - 2017’ අඟහරුවාදා (08) දින උදෑසන කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ විය.
2017-08-05 12:05:46
චෙක් ජනරජයෙදි පැවති අන්තර් ජාතික Metallic Silhouette Shooting Union (IMSSU) තරඟාවලියේ දී යුද්ධ හමුදා වෙඩික්කරුවන් විසින් Small bore open sight light rifle, Small bore open sight silhouette rifle, Small bore rifle open sight aggregate, Small bore all sight සහ Small bore rifle යන ඉසව්වන්ගෙන් රන්පදක්කම් 10 ක්, රිදි පදක්කම් 2 සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගනු ලැබීය.
2017-08-04 23:06:02
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ අදහසකට අනුව ‘ගුණ ජය සතුට පදනමේ’ කුසිල් ගුණසේකර මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් වෙත පාපැදි 75 ක් බෙදාදීම බදාදා (02) දින සිදු කරනු ලැබීය.
2017-08-04 23:01:12
අලුත් හල්මිල්ලැව ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ පානීය ජල ප්‍රශ්නයට පිළියමක් ලෙස අලුත් හල්මිල්ලෑව විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (03) දින පවත්වන ලදී.
2017-08-04 22:55:58
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් පසුගිය දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හමුවිය.
2017-08-04 22:54:26
හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් තුල මානසික ඒකග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් භාවනා වැඩසටහනක් බ්‍රහස්පතින්දා (03) දින කඳුබොඩ, සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2017-08-04 13:25:20
මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක නව ආඥාපති ලෙස අඟහරුවාදා (01) දින දියතලාවේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි අරඹනු ලැබීය. එහි පැමිණි නව ආඥාපතිතුමන්ව, යුද්ධ හමුදා පුහුණු අණසක බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර......
2017-08-04 13:23:19
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි රොබට් හිල්ටන් මහතා සහ එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් උතුරු ප්‍රදේශයේ සංචාරය කළ අතර, සඳුදා (31) දින අවස්ථාවන් දෙකක දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2017-08-02 15:14:39
‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත්වෙන 9 වන ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC).....