04th August 2017 13:23:19 Hours
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි රොබට් හිල්ටන් මහතා සහ එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් උතුරු ප්‍රදේශයේ සංචාරය කළ අතර, සඳුදා (31) දින අවස්ථාවන් දෙකක දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
මෙම අවස්ථාවන් දෙක තුළ සිදු කළ සුහඳ සාකච්ඡාවන් හි දී යාපනය ප්‍රදේශයේ පවතින වර්තමාන තත්වය, යාපනය අර්ධද්වීපය තුල යුද්ධ හමුදාව සිදු කරන කාර්ය භාර්යයන් මෙන්ම හමුදාව සහ සිවිල් වැසියන් අතර සබඳතා පිළිබඳව සාකච්ඡා කරන ලදි. මෙම හමුවිම් අවසානයේ ආඥාපති හා ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරනු ලැබීය.
affiliate link trace | Sneaker & Lifestyle News