04th August 2017 22:55:58 Hours
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් පසුගිය දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හමුවිය.
මෙම සුහද හමුවේ දී දේපාර්ශවය විසින් වැදගත් කරුණු මෙන්ම පශ්චාත් යුද සමයේ දී යුද්ධ හමුදාවේ කාර්ය භාර්යයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ද සංචාරය කළ අතර, එහිදි 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි වන්නිආරච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා හමු වී සුහද පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාවන් දෙකේදීම ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.
jordan release date | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival