Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2017 23:06:02 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි සිසුන් සඳහා පාපැදි 75 ක්

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ අදහසකට අනුව ‘ගුණ ජය සතුට පදනමේ’ කුසිල් ගුණසේකර මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් වෙත පාපැදි 75 ක් බෙදාදීම බදාදා (02) දින සිදු කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන නෙළුම්පියස ශ්‍රවණාගරයේ දී පැවති මෙම පාපැදි බෙදාදීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වු අතර, ‘ගුණ ජය සතුට පදනමේ’ නියෝජිතයින් ද එක්ව සිටියහ.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, රජයේ නිලධාරින්, ග්‍රාම නිලධාරින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.

Sneakers Store | Jordan Release Dates , Iicf