Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2017 23:01:12 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අලුත් හල්මිල්ලෑව ජනතාවට ජල පිරිපහදු යන්ත්‍රයක්

අලුත් හල්මිල්ල‍‍‍ැව ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ පානීය ජල ප්‍රශ්නයට පිළියමක් ලෙස අලුත් හල්මිල්ලෑව විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (03) දින පවත්වන ලදී.

අලුත් හල්මිල්ලෑව ප්‍රදේශයේ ජනතාවට සහ පාසල් ළමුන්ට දිර්ඝ කාලීනව අවශ්‍යතාවයක් පැවති පිරිසිදු ජලය සපයා ගැනීමේ ගැටලුවට පිළියමක් ලෙස සුනිමල් ක්‍රීස්තිගුගේ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා මෙම ජල පිරිපහදු යන්ත්‍රයට දිනකට ජලය ලීටර 1200 ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව ඇත.

621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එස්.කේ. සංජිව, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sportswear free shipping | adidas Yeezy Boost 350