Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2017 10:57:17 Hours

5 වන වාර්ෂික දකුණු ආසියා සිවිල් සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 5 වන ‘දකුණු ආසියානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය - 2017’ අඟහරුවාදා (08) දින උදෑසන කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සිවිල් සම්බන්ධීකරණ දැනුම පුළුල් කිරීමේ අරමුණින් දින 10 ක් පුරා පැවැත්විමට නියමිත සම්මන්ත්‍රණය සඳහා බංගලාදේශය, කොළොම්බියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මොංගෝලීයාව, නේපාලය, පීලිපිනය, ශ්‍රී ලංකාව සහ මාලදීවයින යන දකුණු ආසියානු කලාපීය රටවල් නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 30 කට වැඩි පිරිසක් සහභාගි වේ.

මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදීවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ගරු අතුල් කෙශාෆ් මහතා සහභාගි වු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ද සහභාගි විය.

පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ආරම්භක දේශනය සිදු කිරිමෙන් පසු සමුළුව ආරම්භ විය.

ජාත්‍යන්තර මානුෂීයවාදි නිතිය, මානව හිමිකම්, ගැටුම් නිරාකරණය, සිවිල් මාධ්‍ය සම්බන්ධතා ආදී අංශ ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 40 ක්, නාවික හමුදා නිලධාරින් 3 ක්, ගුවන් හමුදා නිලධාරින් 3 ක් සහ වෙරළ ආරක්ෂක නිලධාරින් 3 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වුවන් සමුහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සිකුරාදා (18) දින තෙක් මෙම සම්මන්ත්‍රණය පැවැත්විමට නියමිතය.

latest jordans | Jordan Ανδρικά • Summer SALE έως -50%