Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2017 12:05:46 Hours

චෙක් ජනරජයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් විශීෂ්ඨ දක්ෂතා දක්වයි

චෙක් ජනරජයෙදි පැවති අන්තර් ජාතික Metallic Silhouette Shooting Union (IMSSU) තරඟාවලියේ දී යුද්ධ හමුදා වෙඩික්කරුවන් විසින් Small bore open sight light rifle, Small bore open sight silhouette rifle, Small bore rifle open sight aggregate, Small bore all sight සහ Small bore rifle යන ඉසව්වන්ගෙන් රන්පදක්කම් 10 ක්, රිදි පදක්කම් 2 සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගනු ලැබීය.

ජූලි මස 18 දින සිට 29 දින දක්වා උතුරු බොහීමියා වෙඩිපිටියේ දී පැවති මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් කළමණාකරු බ්‍රිගේඩියර් ඩී.එස්.ඩී. වැලිකල සමගින් යුද්ධ හමුදා වෙඩිකරුවන් 8 දෙනෙකු සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමය මගින් යුද්ධ හමුදා වෙඩිකරුවන් වෙත ලබාදුන් සාර්ථක පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර තරඟාවලියේ දී විශීෂ්ඨ ජයග්‍රහණ හිමිවිය.

මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් පහත සඳහන් පරිදි වේ;

බ්‍රිගේඩියර් ඩී.එස්.ඩී. වැලිකල - small bore rifle open sight team aggregate ඉසව්ව - රන් පදක්කම.

මේජර් සී.එස්. රත්නායක විසින් දිනාගත් ජයග්‍රහණයන් පහතින් දැක්වේ.

Small bore open sight light rifle – (තුන්වන ස්ථානය) ලෝකඩ පදක්කම

Small bore open sight silhouette rifle – (තුන්වන ස්ථානය) ලෝකඩ පදක්කම

Small bore rifle open sight aggregate – (තුන්වන ස්ථානය) ලෝකඩ පදක්කම

Small bore all sight – (දෙවන ස්ථානය) රිදි පදක්කම

Small bore rifle – team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small bore rifle open sight - team (පළමු ස්ථානය) - රන් පදක්කම

Small bore rifle all sight - team (පළමු ස්ථානය) - රන් පදක්කම

Big bore rifle – team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

කපිතන් පී.කේ.ජේ.එස් ගයන්ග විසින් දිනාගත් ජයග්‍රහණයන් පහතින් දැක්වේ.

Small bore open sight light rifle – (දෙවන ස්ථානය) රිදි පදක්කම

Small bore open sight silhouette – (පළමු ස්ථානය) - රන් පදක්කම

Small bore open sight aggregate – (පළමු ස්ථානය) - රන් පදක්කම

Small bore rifle all sight aggregate – (පළමු ස්ථානය) - රන් පදක්කම

Air rifle - (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small bore rifle - team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small bore rifle open sight - team (පළමු ස්ථානය) - රන් පදක්කම

Small bore rifle all sight - team (පළමු ස්ථානය) - රන් පදක්කම

Big bore rifle – team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

බළලත් නිලධාරි II ජි.කේ.එච්.එම් ලසන්ත විසින් දිනාගත් ජයග්‍රහණයන් පහතින් දැක්වේ.

Small bore rifle all sight – (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small bore rifle – team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small bore rifle all sights – team (පළමු ස්ථානය) - රන් පදක්කම

Small bore rifle all sight aggregate – (පළමු ස්ථානය) - රන් පදක්කම

Big bore rifle – team (තුන්වන ස්ථානය) - ලෝකඩ පදක්කම

Small Bore Rifle Open Sight - ශුරතාවය - මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

Small Bore Pistol - ශූරතාවය - ලුතිනන් ඩබ්.ඒ.පී හේමචන්ද්‍ර - ගැමුණු හේවා බලකාය

Air Rifle - ශූරතාවය - මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

Air Pistol - ශූරතාවය - රුවිනි අබේමාන්න මිය - මිගමුවේ රයිෆල් වෙඩික්කරුවන්ගේ ක්‍රිඩා සමාජය

බදාදා (02) දින දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහකයින් ගුවන් තොටුපලේ දී ‍යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.

latest Nike release | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta