Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2017 13:25:20 Hours

යුද්ධ හමුදා පුහුණු අණසක නව අඥාපති රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක නව ආඥාපති ලෙස අඟහරුවාදා (01) දින දියතලාවේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි අරඹනු ලැබීය.

එහි පැමිණි නව ආඥාපතිතුමන්ව, යුද්ධ හමුදා පුහුණු අණසක බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර සහ බ්‍රිගේඩියර් උපක්‍රමික හා මූලධර්ම බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ විසින් පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූහ.

මහා සඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් කරුණාරත්න නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සිහිවනු වස් නව ආඥාපති විසින් යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවිම ද එහිදි සිදුකෙරිණි.

best Running shoes brand | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ