Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2017 15:14:39 Hours

ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන (AAPTC) සේනාවිධායකවරුන්ගේ සමුළුවේ දෙවන සැසිය ඇරඹේ

‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත්වෙන 9 වන ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුව (APPTCCC) සහ ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (1) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වූ අතර, මෙම සමුළුව සඳහා 40 දෙනෙකුට අධික විදෙස් නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

මෙම සමුළුවේ දෙවන දිනය, අද බදාදා (02) දින උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ වු අතර, මෙහිදි ‘‘Forming Mobile Support Team of AAPTC’, ‘Even Distribution of Similar Type of Courses Throughout the Year’, ‘Sponsoring of Secretariat to Attend Annual Meetings of other Three Regional Training Associations’ සහ ‘Conducting of Thematic Course’ යන තේමාවන් යටතේ වෙන්වෙන් වශයෙන් සමුහ සාකච්ඡාවන් පවත්වනු ලබයි.

latest Running Sneakers | シューズ