2024-07-24 16:57:12
අභ්‍යන්තර විගණන අධ්යක්ෂ මණ්ඩලයේ නව කාර්ය නියුක්ත අධ්යක්ෂ ලෙස කර්නල් ඕ.ආර්. රාජසිංහ 2024 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී එම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2024-07-24 16:54:53
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ජූලි මස 22 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-07-24 16:51:45
14 පාබල සේනාංකයේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2024 ජූලි මස 17 සිට 19 දින දක්වා දින 3 ක පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2024-07-24 16:49:36
වර්ෂ 1996 ජූලි මස 18 දින මුලතිව් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට හසුව මවුබිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට ගෞරවාචාරය පුදකරමින් පැවැත්වූ ‘14 වන රණවිරු අනුස්මරණ උත්සවය’ 2024 ජූලි මස 17 දින මුලතිව් කඳවුරු පරිශ්‍රයේ පිහිටි යුද ස්මාරකය අභියසදී පැවැත්විණි.
2024-07-24 09:46:40
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ 26 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 22 දින සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-07-24 09:45:06
විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය සහ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන්. ඇරෑගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 07 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-07-24 09:44:46
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ආරක්ෂක භටපිරිස්හි දෙවන කණ්ඩායම සිය රාජකාරි නිමාවෙන් පසුව 2024 ජූලි මස 23 දින මවුබිම වෙත පැමිණියහ.
2024-07-23 18:11:40
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 17 දින 212 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.
2024-07-23 18:10:20
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ‘යල’ කන්නයේ වී අස්වනු නෙලීමේ මංගල්‍යය හින්දු සහ බෞද්ධ ආගමික සම්ප්‍රදායන් මධ්‍යයේ ආරම්භ කෙරිණි.
2024-07-23 18:09:22
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 16 දින 211 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.