Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2024 16:49:36 Hours

‘14 වන රණවිරු අනුස්මරණ උත්සවය’ සාර්ථකව පැවැත්වේ

වර්ෂ 1996 ජූලි මස 18 දින මුලතිව් ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට හසුව මවුබිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට ගෞරවාචාරය පුදකරමින් පැවැත්වූ ‘14 වන රණවිරු අනුස්මරණ උත්සවය’ 2024 ජූලි මස 17 දින මුලතිව් කඳවුරු පරිශ්‍රයේ පිහිටි යුද ස්මාරකය අභියසදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් දිවංගත රණවිරුවන් සිහිකරමින් ස්මාරකයේ ඇති ගිනි සිළුව දැල්වීමෙන් අනතුරුව පුෂ්ප උපහාර දක්වමින් සිය ගෞරවාචාරයන් පුදකළේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවාචාරයන් පුදකළහ.