Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2024 16:57:12 Hours

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඕ.ආර්. රාජසිංහ 2024 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී එම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව, එතුමන් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් ඉදිරි වසර සඳහා තම දැක්ම සහ අපේක්‍ෂාවන් පිළිබඳ පැහැදිළි කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.