24th July 2024 09:46:40 Hours
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 26 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 22 දින සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
බෞද්ධ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.