23rd July 2024 18:11:40 Hours
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 17 දින 212 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, 212 පාබල බලසේනාවේ බලසේනාධිපති, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය සහ 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින් විසින් එම මූලස්ථානයන්හී කාර්යයභාර්යන් සහ පරිපාලන කටයුතු පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළහ. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් එම කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.