Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2024 18:09:22 Hours

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 16 දින 211 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකළහ. පසුව, එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

මෙම සංචාරයේදී, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ අදාළ එ්කකයන්හි අණදෙන නිලධාරීන් විසින් එම මූලස්ථානයන්හි කාර්යභාරයන් සබැඳිව සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. අනතුරුව, එතුමන් 9 ගජබා රෙජිමේන්තුව සහ 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.