23rd July 2024 18:10:20 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ‘යල’ කන්නයේ වී අස්වනු නෙලීමේ මංගල්‍යය හින්දු සහ බෞද්ධ ආගමික සම්ප්‍රදායන් මධ්‍යයේ ආරම්භ කෙරිණි.
මීට මාස කිහිපයකට ප්‍රථම කුඹුරු අක්කර හතරක් තුළ කෙටි කාලීන වී ප්‍රභේදයන් වගාකරනු ලැබූ අතර වඩාත් ඵලදායි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අස්වනු ලබන ස්ථානයේ එම අස්වැන්න තබනු ලැබීය. අස්වනු නෙළන ලද වී යුද්ධ හමුදා සාමාජිකයින්ට දැරිය හැකි මිලකට අලෙවි කිරීමට අපේක්‍ෂා කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.