2017-12-03 20:02:27
කැනඩාවේ මහ කොමසාරිස් ගරු ඩේවිඩ් මැකිනොන් මහතා සමඟ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක ජෙනිෆර් හාර්ට් මහත්මිය යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වු අතරතුර බ්‍රහස්පතින්දා (30) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සුහදව හමුවිය.
2017-12-03 20:01:59
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය ඒකාබද්ධව ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ තවත් නිළධාරි උපදේශක පුහුණු වැඩසටහනක්, නොවැම්බර් මස 28 සිට 30 දින දක්වා එම මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2017-12-03 19:30:27
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටොම් බර්න් මහතා ඇතුළු නියෝජිත තානාපති දූත පිරිසක් මෑතකදී උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර, ඔඩ්ඩුසුඩාන් හී ස්ථාපිත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ඇති 64 වන සේනාංක මූලස්ථානය වෙත පැමිණෙන ලදී.
2017-12-03 19:15:27
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 57වන සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් විශේෂිත කියෝෂි රුයූ බුඩෝ සටන් පුහුණු පාඨමාලාවක් එම සේනාංක පරිශ්‍රයේ දැන් සාර්ථකව පවත්වනු ලබන අතර, සටන් කලාවන් පිළිබඳ උනන්දුවක්.....
2017-12-03 19:02:27
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බළසේනාවේ භට පිරිස් විසින් වල්ලච්චේනයි ඔඩ්ඩමාවඩි මධ්‍ය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (25) දින සංවිධානය කරන ලදී.
2017-12-03 18:30:27
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථානගත 24 වන සේනාංකය සිය සිව්වැනි සංවත්සරය එම සේනංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම අනුව නොවැම්බර් මස 13 සිට 28 දින දක්වා ආගමික, ප්‍රජා සත්කාරක සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් අභිමානවත්ව සමරනු ලැබීය.
2017-11-30 21:38:14
කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා අනේවාසික ආරක්ෂක උපදේශක ගෘෘප් කපිතාන් ප්‍රේසර් නිකොල්සන් සහ ආරක්ෂක සහායක නිළධාරිනී ප්‍රියා තිල්ලයියනාදන් මහත්මිය මුලතිව් ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර අඟහරුවාදා (28) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු හමුවිය.
2017-11-30 19:35:12
දෙසැම්බර් මස පැවැත්විමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කඩඉම් විභාගය සඳහා පෙනිසිටින සිසුන් වෙනුවෙන් 25 - 26 දිනයන්හිදී කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ සහ කින්නියා අල්-අක්ෂා විද්‍යාලයේ පැවැත් වූ අධ්‍යාපනික සම්මන්ත්‍රණයට ත්‍රිකුණාමලේ පිහිටි 22 වන සේනාංකය විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.
2017-11-30 17:17:13
මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස අද (30) උදෑසන රාජකාරි භාර ගන්නා ලදි. මහාසඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබා සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින් නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික එම ධුරයේ රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.
2017-11-30 10:14:05
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 සේනාංකයට අයත් 112 බල සේනාවේ සහ ඊට අයත් බලඇණිවල භට පිරිස් විසින් බදුල්ල මුතියංගනය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දෙතිස් මහා පින්කම සඳහා දායකත්වය ලබා දෙන ලදි. බදුල්ල පොලිස් ස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස......