Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2017 19:35:12 Hours

සාමාන්‍ය පෙළ කඩඉම් විභාගය සඳහා පවත්වන අධ්‍යාපන සම්මන්ත්‍රණයට 22 වන සේනාංකයෙන් පහසුකම්

දෙසැම්බර් මස පැවැත්විමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කඩඉම් විභාගය සඳහා පෙනිසිටින සිසුන් වෙනුවෙන් 25 - 26 දිනයන්හිදී කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ සහ කින්නියා අල්-අක්ෂා විද්‍යාලයේ පැවැත් වූ අධ්‍යාපනික සම්මන්ත්‍රණයට ත්‍රිකුණාමලේ පිහිටි 22 වන සේනාංකය විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.

පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා 22 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ අධික්ෂණය හා මගපෙන්වීම යටතේ පළාතේ ප්‍රවීණ සහ ජනප්‍රිය ගුරුවරුන් විසින් මෙහිදි දේශන පැවැත්විය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ යෝජනාවකට අනුව පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රදේශයේ සිසුන් 430 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කීර්ති කොට්ටේවත්ත, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි එච්.කේ.ජේ.යූ. ජයරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කින්නියා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, විදුහල්පතිවරු, ගුරුවරු, කින්නියා මහජන සෞඛ්‍ය කාර්යාංශයේ නිලධාරින්, ප්‍රාදේශිය සභාපති සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාව සඳහා සහභාගි වූහ.

Sportswear free shipping | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov