Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2017 10:14:05 Hours

මුතියංගන රාජමහා විහාරයේ පුණ්‍ය කටයුතු සඳහා 112 බලසේනාවේ භට පිරිස් දායක වේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 සේනාංකයට අයත් 112 බල සේනාවේ සහ ඊට අයත් බලඇණිවල භට පිරිස් විසින් බදුල්ල මුතියංගනය රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දෙතිස් මහා පින්කම සඳහා දායකත්වය ලබා දෙන ලදි.

බදුල්ල පොලිස් ස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 112 බල සේනාවේ භට පිරිස් සිය සහයෝගය මෙම පින්කම සාර්ථකව සිදුකරගෙන යාම සඳහා ලබා දී ඇත.

සිකුරාදා (24) දින බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් විසින් සංවිධානය කරන මෙම පුණ්‍ය කටයුතු වල බෝධි පුජා පින්කම, පෙරහැර, සර්ව රාත්‍රික පිරිත් දේශණය සහ මහා සංඝරත්නය විෂයෙහිලා සිදුකරනු ලබන දානමය පුණ්‍යකර්මය සඳහා යුද්ධ හමුදා භට පිරිස් හි නොමසුරු දායකත්වය ලබා දෙන ලදි.

මෙම පුණ්‍යකර්මය සඳහා නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් ජනතාව ද එක්විය.

Buy Sneakers | nike air force 1 shadow , eBay