Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 19:15:27 Hours

57 වන සේනාංකයේ මූලිකත්වයෙන් ඇරඹූ සටන් පුහුණු පාඨමාලාව (අදියර I) අවසන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ 57වන සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් විශේෂිත කියෝෂි රුයූ බුඩෝ සටන් පුහුණු පාඨමාලාවක් එම සේනාංක පරිශ්‍රයේ දැන් සාර්ථකව පවත්වනු ලබන අතර, සටන් කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන නිළධාරීන් 04 දෙනෙකු හා සෙසුනිළයින්150කපිරිසක් දැනට පුහුණුවීම් සඳහා සහභාගී වේ.

එම සම්පූර්ණ පුහුණු පාඨමාලාවේ පුහුණු අදියර දෙකක් ලෝක ෂිටෝ-රුයු කරාටෝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ හා ලෝක කියෝෂිරුයූ බුඩෝ සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේප්‍රධාන උපදේශක සෙන්සේ ක්ලෙමන්ට් ද සොයිසා ප්‍රධාන පුහුණුකරුවන් කණ්ඩායමක් විසින්සාර්ථකව නිමකරන ලද අතර, යුද්ධ හමුදා කරාතේ සංගමයේමාණ්ඩලික සැරයන් එච්.එම්.ජේ.පී.කේ.ජයසුන්දර සහ ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.කේ රාජපක්ෂ ද පුහුණු උපදේශකයන් ලෙස මෙම පාඨමාලාවේ කටයුතු සිදුකරනු ලබයි.

මෙම පාඨමාලාවේ පළමු සහ දෙවන අදියරයන්සාර්ථකව අවසන් කරන ලද කණ්ඩායම් දෙකක් සඳහා සහතිකපත් ප්‍රදානය බදාදා (29) දින57 වන සේනාංකයේ පැවති චාම් උත්සවයකදීසිදුවිය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ ආරාධනයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනමෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම සටන් පුහුණු පාඨමාලාවේ අදියරයන් ද්විත්වයමසාර්ථකව නිම කළසාමාජිකයන් අතර 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ හා 14 වන ජාතික ආරක්ෂක බළමුළුවේ හමුදා සාමාජිකයන්ද වෙති.

පාඨමාලාවට සහභාගීවන සියලු නිළයින්හටආත්මාරක්‍ෂක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳදරාගැනීමසහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් සම්පාදනය කර ඇති මෙම සටන් පුහුණු පාඨමාලාවන්හිතුන්වන සහ සිව්වන අදියරයන් නුදුරේදී ආරම්භ කිරීමට නියමිතය.

best Running shoes | New Releases Nike