Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 19:30:27 Hours

බ්‍රිතාන්‍ය දූත පිරිස 64 වන සේනාංකයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටොම් බර්න් මහතා ඇතුළු නියෝජිත තානාපති දූත පිරිසක් මෑතකදී උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර, ඔඩ්ඩුසුඩාන් හී ස්ථාපිත මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ඇති 64 වන සේනාංක මූලස්ථානය වෙත පැමිණෙන ලදී.

64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් බ්‍රිතාන්‍ය දූත නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගෙන එම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන කාර්යභාරය පිළිබදව දැනුවත් කරන ලදී.

මෙම ප්‍රදේශයන්හි අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත්, සංහිඳියාව හා වාර්ගික සහජීවනය වැඩිදියුණු කිරීම සඳහා හමුදාව විසින් සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු පිළිබඳවද එහිදී විමසන ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ෆ්රේසර් නිකොල්සන් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද මෙම සුහද හමුවට සහභාගී වූහ.

සුහද හමුව අවසානයේදී, පැමිණි නියෝජිත පිරිස 64 වන සේනාංකයෙන් නික්ම යාමට පෙර අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තබන ලදී. බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සුහද හමුව සනිටුහන් කරමින් දූත පිරිසට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

Authentic Nike Sneakers | New Releases Nike