Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2017 21:38:14 Hours

බ්‍රිතාන්‍ය දුත පිරිස මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා අනේවාසික ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ‍ප්‍රේසර් නිකොල්සන් සහ ආරක්ෂක සහායක නිළධාරිනී ප්‍රියා තිල්ලයියනාදන් මහත්මිය මුලතිව් ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර අඟහරුවාදා (28) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු හමුවිය.

මෙම හමුවේ දී ආඥාපතිතුමන් විසින් ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය, සිවිල් පරිපාලන කටයුතු සහ සංහිඳියා ක්‍රියාදාමය වෙනුවෙන් හමුදා දායකත්වය පිළිබඳවත් සංචාරයක නියෝජිතයින් පිරිස දැනුවත් කළහ.

මෙම අවස්ථාව සහ ද්වීපාර්ශීය සහයෝගය සනිටුහන් කරමින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් වෙත සංකේතාත්මක සමරු තිළිණ ප්‍රදානයක් ද කළහ.

බ්‍රිතාන්‍ය නියෝජිතයින්, මුලතිව් ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් දියත්කර ඇති ප්‍රතිසන්ධාන ක්‍රියාදාමයන් අගය කරමින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයෙන් නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතේහි ද සටහනක් තැබිය.

Running sport media | Women's Designer Sneakers - Luxury Shopping