Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 20:02:27 Hours

කැනේඩියානු මහ කොමසාරිස් යාපනයේ අඥාපති හමුවේ

කැනඩාවේ මහ කොමසාරිස් ගරු ඩේවිඩ් මැකිනොන් මහතා සමඟ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක ජෙනිෆර් හාර්ට් මහත්මිය යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වු අතරතුර බ්‍රහස්පතින්දා (30) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සුහදව හමුවිය.

මෙහිදී දෙපිරිස අතර පශ්චාත් ගැටුම් සමයේ යුද හමුදාවට පැවරී ඇති වගකීම් හා කාර්යභාර්යන්ට අදාලව පොදු කරුණු පිළිබදවත් වාර්ගික සහයෝගිතාවය සහ සංහිදියාව තවදුරටත් වැඩිදියුණු කිරීමෙහිලා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් පිළිබදව ද සාකච්ඡාවන්ට ලක්විය. ප්‍රදේශයේ සාමාන්‍ය ජනයාට අයත්ව තිබු, ගැටුම් කාල සීමාවේදී ආරක්ෂක කටයුතු සදහා යුද හමුදාව භාවිතා කල ඉඩම් නැවත භාරදීමේ ප්‍රගතිය පිළිබදවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම සුහද හමුව අවසානයේ දී, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කැනේඩියානු මහකොමසාරිස් වෙත වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර, දූත පිරිස නික්ම යාමට පෙර අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තබන ලදී.

Nike Sneakers Store | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C