Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 18:30:27 Hours

24 වන සේනාංකය සිය සිව්වන සංවත්සරය අභිමානයෙන් සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථානගත 24 වන සේනාංකය සිය සිව්වැනි සංවත්සරය එම සේනංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම අනුව නොවැම්බර් මස 13 සිට 28 දින දක්වා ආගමික, ප්‍රජා සත්කාරක සහ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් අභිමානවත්ව සමරනු ලැබීය.

24 වන සේනංක ධජයට සහ එහි සියලුම නිලයන්ට ආශිර්වාදපතා නොවැම්බර් මස 13 (සඳුදා) දින ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී විහාරය අභියස පවත්වන ලද බෝධි පූජාව සහ දන් පිළිගන්වීමකින් යුතු ආගමික කටයුතුවලින් සංවත්සර උත්සව මාලාව ආරම්භ විය.

ඉන්පසුව, 24 වන සේනාංකයේ භට පිරිස් විසින් අසරණ වැඩිහිටියන් විශාල පිරිසක් නේවාසිකව සිටින අම්පාර ප්‍රදේශයේ පිහිටි ‘සරණ වැඩිහිටි’ නිවාසය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනකට දායක වූහ.

24 වන සේනාංක මුලස්ථානයේදී නොවැම්බර් මස 24 වන දින සේනාංක ධජයට සහ එහි සියලුම නිලයන්ට ආශිර්වාදපතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් පැවැති අතර පසුදින (සෙනසුරාදා 25) අම්පාර ප්‍රදේශයේ සංඝයා වහන්සේලා 25 නමකට හීල් දානය පිළිගන්වනු ලැබීය.

මජිත්පුරම් හන්දියේ සිට වර්ණවත් පෙරහැරකින් මහා සංඝයා වහන්සේ 24 වන සේනාංක පරිශ්‍රයට වැඩමවා, ඉන් අනතුරුව පිරිත් සඡ්ඡායනාව සඳහා මහා සංඝයා වහන්සේට‘පිරිත් මණ්ඩපයට’ ගෞරවයෙන් යුතුව අරාධනා කළහ. මෙම අවස්ථාවට 24 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයන් රැසක් සහභාගි වුහ.

එදිනම සන්ධ්‍යාවරුවේ 24 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් අම්පාර ශ්‍රී මාණික්යාර් පිල්ලයාර් කෝවිලේදී විශේෂ පූජාවක් පැවැත්වු අතර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි මජිත්පුරම් ජුම්මා මුස්ලිම් පල්ලියේදී ඉස්ලාම් දේව මෙහෙයක් ද අම්පාර ශාන්ත ඉග්නේෂස් පල්ලියේ දී ක්‍රිස්තියානි දේව මෙහෙයක් ද සේනාංකයේ සියලුම නිලයන්ට ආශිර්වාදපතා පවත්වනු ලැබීය.

තවද, හමුදා සම්ප්‍රදායානුකූලව 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සඳුදා (27) දින කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 24 වන සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ වෙත එම සේනාංක මුලස්ථානයේ දී පිරිනමනු ලැබීය.

අනතුරුව, සේනාංකාධිපති තුමන් විසින් සංවත්සරයසිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, සෙසුනිල භෝජනාගාරයේ සංවිධානය කර තිබු සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහාද එතුමන් සහභාගි විය.

එදින සන්ධ්‍යාවේ, සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

මෙම සංවත්සරඋත්සවය සිකුරාදා (28) දින සේනාක ක්‍රීඩාංගනයේ දී මහා සංගීත ප්‍රසංගයක්ද සමගින් පැවැත්වුණු අතර, මේ සඳහා අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත සියළුම කඳවුරු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් හා සෙසුනිළයින් රැසක් සහභාගී විය.

short url link | Nike for Men