Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2017 19:02:27 Hours

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 23 වන සේනාංකය අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බළසේනාවේ භට පිරිස් විසින් වල්ලච්චේනයි ඔඩ්ඩමාවඩි මධ්‍ය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණයක් සෙනසුරාදා (25) දින සංවිධානය කරන ලදී.

විද්‍යාව සහ ගණිත විෂයයන් පිළිබඳව අවධානය යොමු කරමින් පැවති මෙම සම්මන්ත්‍රණයට සිසු සිසුවියන් 110 කට අධික පිරිසක් සහභාගි විය.

සම්මන්ත්‍රණයට සහභාගි වු සිසුන්ට නිබන්ධන මුදණය කර බෙදාදීම 11 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබළුන් විසින් සිදුකරන ලදී. ඊට අමතරව 231 බලසේනාවේ භටපිරිස් විසින් රසවත් ආහාර වේලක් සහ තේ පැන් සංග්‍රහයක් ද සිසුන්ට සංවිධානය කර තිබු අතර, ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරුන් වන ඩී. එම්. දර්ශන මහතා සහ ටී ජයදීපන් යන මහත්වරුන් විසින් අධ්‍යාපන දේශන සහය ලබා දෙන ලදී.

best Running shoes | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth