2024-05-07 18:56:13
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 මැයි 06 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.
2024-05-07 18:51:16
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතයන්ගේ ජාතික සම්මේලනයේ ලේකම් ජනක දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පිඑස්සීගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මැයි 04 වන දින මහනුවර සහ මහියංගනය වෙත විශේෂ චාරිකාවක් සඳහා සහභාගී වූ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.
2024-05-06 19:00:27
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි අප්‍රේල් මස 27 දින සිට මැයි මස 01 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේ සහ එම මූලස්ථානය යටතේ ඇති පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
2024-05-06 18:56:04
අධ්‍යක්ෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී බ්‍රහස්පතින්දා (මැයි මස 02) දින ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසල, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිතර වූයේය.
2024-05-06 18:54:43
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් මැයි මස 02 දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තූ මූලස්ථානයේදී පැවැත්විණි.
2024-05-06 18:41:53
23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් 2024 මැයි මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-05-06 17:07:55
ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 30 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-05-06 17:02:59
පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍ය පවුලක් වෙනුවෙන් ‘Lift Life Foundation’ හි අනුග්‍රාහකත්වය යටතේ 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් දින 10 ඇතුළත නව නිවසක් ඉදිකර ප්‍රථිලාභීන් වෙත පසුගියදා පවරා දෙනු ලැබීය.
2024-05-06 16:59:45
ධූරයෙන් නික්ම යන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මැයි මස 04 දින එම පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-05-06 16:57:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන විනයාරක්‍ෂාධිපතිතුමන් ලෙස බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 03 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.