06th May 2024 18:41:53 Hours
23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් 2024 මැයි මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. අනතුරුව, එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ.
අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ කාර්යය මණ්ඩල විසින් බලප්‍රදේශයේ වගකීම් පිළිබඳ දැනුවත් කරනු ලැබිණි. මෙම අවස්තාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.