Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 16:59:45 Hours

ධූරයෙන් නික්ම යන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් වෙත එම පුහුණු මධ්‍යස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 මැයි මස 04 දින එම පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ කටයුතු භාරදීම සිදුකළේය.

අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින් තම රාජකාරි කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය. මෙම අවස්ථාව සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.