06th May 2024 19:00:27 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි අප්‍රේල් මස 27 දින සිට මැයි මස 01 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේ සහ එම මූලස්ථානය යටතේ ඇති පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින්, එතුමන් එම සේනාංකයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. පසුව, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ රාජකාරි සහ වගකීම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
අනතුරුව, එතුමන් භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
22 වන පාබල සේනාංකයේ නිල සංචාරයෙන් පසුව එතුමන් 221, 222, 223 යන පාබල බලසේනාවන්හි සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේත් 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ ද සංචාරය සිදු කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.