Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 18:56:04 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් නිල සංචාරයක

අධ්‍යක්‍ෂක ‍ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී බ්‍රහස්පතින්දා (මැයි මස 02) දින ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසල, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිතර වූයේය.

පුහුණු පාසල සහ ඒකක පරිශ්‍රයන් වෙත සැපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායකතුමන් සහ ඒකකයන්හි අණදෙන නිළධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

එහිදී, එතුමන් වෙත ඉංජිනේරු සේවා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් එම පුහුණු පාසලේ පාඨමාලා විෂය මාලාව සහ අරමුණු පිළිබඳවත් ඒකක අණදෙන නිළධාරීන් විසින් එම ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කල කලහ. අනතුරුව, එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිට අඹ පැළයක් රෝපණය කළේය.

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී භටපිරිස් අමතමින් ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ඇගයීමට ලක් කළහ. අනතුරුව, එතුමන් සියලු නිලය තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් ඔවුන් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වූහ. පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ චාරිකාවකටද එක් වූයේය.

එම සංචාරයන් සනිටුහන් කරමින් එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහන් ද තැබූවේය. මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.