Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 16:57:09 Hours

නව යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන් ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන විනයාරක්‍ෂාධිපතිතුමන් ලෙස බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී මැයි මස 03 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේ දී එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

අනතුරුව, එතුමන් යුද්ධ හමුදා විනය ආරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, මන්ත්‍රණ සභා සාමාජිකයින්, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.