07th May 2024 18:56:13 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 මැයි 06 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.
පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. ඉන් පසුව එතුමන් පාබල පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී භටපිරිස් ඇමතීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.