Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2024 17:07:55 Hours

ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 30 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සිදුකරන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිහය.

සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහාභාගී වූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත එහිදී සේවය අගයමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින් තම රාජකාරි කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කළේය.

උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.