06th May 2024 18:54:43 Hours
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් මැයි මස 02 දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තූ මූලස්ථානයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත එම බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව එතුමන්, භටපිරිස් අමතමින් වසර 35 ක සේවා කාලය තුලදී තම රාජකාරීන් ඉටුකිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් වෙත සිය ස්තූතිය පුද කරන ලදී.
එදින සන්ධ්‍යාව්දී, නිලධාරී නිවස්නයේදී මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එහිදී නව විනයාරක්‍ෂාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී විසින් සමුගැනීමේ සාදයේ ස්තූති කතාව සිදුකරමින් විශ්‍රාම දිවියට පා තබන විනයාරක්‍ෂාධිපතිතුමන්ගේ සේවය අගය කළේය. උත්සව අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.