2016-12-23 11:29:02
11 වන සේනාංකය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසලෙහි භටපිරිස් විසින් මහනුවර ගලහ පිහිටි භද්‍රාවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයේ දාගැබ් වහන්සේ ඉදිකිරීම සඳහා සිය සහයෝගය ලබාදී ඇත.
2016-12-22 15:44:00
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි ‘විවිධත්ව දැනුම හරහා නායකත්වය සවිබල ගැන්වීම’ යන තේමාව යටතේ 2016/2 පැවති සමුළුවෙහි ආරම්භක සැසිය දෙසැම්බර් 19 වන දින එම මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.
2016-12-22 15:43:09
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (22) දින සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. මීට ප්‍රථම මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ආරක්ෂක අමාත්‍යාංශ හමුදා සම්බන්ධීකරන නිලධාරී ලෙස රාජකාරී කර ඇත.
2016-12-22 15:40:34
මේජර් ජෙනරාල් ඩි.එස්.සී. වන්නිආරච්චි, භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස අඟහරුවාදා (22) දින රාජකාරි භාර ගන්නා ලදි.
2016-12-22 13:42:51
10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය මුලන්කාවිල්හි පිහිටි බලඇණි පුහුණු පාසලේදී තම බලඇණි පුහුණු පාඨමාලාව දෙසැම්බර් 19 වන දින සාර්ථකව නිමකරන ලදී.
2016-12-22 13:41:54
යුද හමුදා මනෝවිද්‍යාත්මක අධ්යක්ෂ මණ්ඩලය විසින් තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (21) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.
2016-12-22 13:41:51
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය, මානසික සහ ශාරීරික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගා පාඨමාලාවක් නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 21 වන දින දක්වා කිළිනොච්චි ආලන්කුලම්හි පිහිටි 21 (ස්වේච්ඡා) පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.
2016-12-21 14:25:39
සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ තරුණ පුජාව තුළ ඇති වූ මනෝවිද්‍යාත්මක බලපෑම පිලිබඳව ඇගයීමේ වැඩසටහනක් යුද හමුදා මනෝ විද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින් සඳුදා (19) දින පවත්වන ලදී.
2016-12-21 14:20:49
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරියේ නියුතු නිලධාරීන් වෙනුවෙන් තවත් පුහුණු වැඩසටහනක් බදාදා (21) දින පවත්වන ලදි.
2016-12-21 13:41:52
දියතලාවෙහි පිහිටි 8 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ මුරහල, රෙජිමේන්තු පොලිස් කුටිය සහ අමුත්තන්ගේ කාමරය විවෘත කිරීම අඟහරුවාදා (20) දින සිදු කරනු ලැබීය.