Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2016 13:41:51 Hours

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් තවත් යෝගා වැඩසටහනක්

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය, මානසික සහ ශාරීරික ශක්තිය වැඩිදියුණු කිරීමේ අරමුණින් යෝගා පාඨමාලාවක් නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 21 වන දින දක්වා කිළිනොච්චි ආලන්කුලම්හි පිහිටි 21 (ස්වේච්ඡා) පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා 65 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි නිළධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිළයින් 42 දෙනෙකු එක්ව සිටියහ.

මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.ජී.කේ වනසිංහ හිමිකරගත් අතර, දෙවන ස්ථානය 21 (ස්වේච්ඡා) පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ජේ.ජී.එස් දයානන්ද විසින් හිමිකරගන්නා ලදි. 651 වන බළසේනාවේ ලාන්ස් කෝප්‍රල් ඒ.ඊ සංජීව විසින් තුන්වන ස්ථානය හිමිකරගන්නා ලදි. මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය 653 බළසේනාවේ බළසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, එහිදී ඔහු විසින් සමාප්ති දේශණය ද පවත්වන ලදි.

Nike shoes | Nike Shoes, Sneakers & Accessories