22nd December 2016 15:44:00 Hours
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි ‘විවිධත්ව දැනුම හරහා නායකත්වය සවිබල ගැන්වීම’ යන තේමාව යටතේ 2016/2 පැවති සමුළුවෙහි ආරම්භක සැසිය දෙසැම්බර් 19 වන දින එම මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය.
එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති නියෝජනය කරමින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගි විය.
එහිදී පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.ඩී.සී.ඩී ගුණවර්ධන විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය.
මෙහිදී මේජර් ජෙනරාල් ගුණතිලක විසින් ආරම්භක දේශණය පවත්වමින් සම්මන්ත්‍රණ සැසිය සඳහා සාර්ථක සමාරම්භයක් ලබා දෙනු ලැබීය.
නායකත්වය ගුණාංග පිළිබඳව වූ මෙහි පළමු සැසිය බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ විසින්, කර්නල් ඩී.බී.එස්.එන් බෝතොට, කර්නල් යූ.යූකේ.එල්.එස් පෙරේරා සහ කර්නල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ විසින් මෙහෙයවනු ලැබීය. එහිදී ඔවුන් විසින් සහභාගිවන්නන් ‘Mission Command as a Tool to Enhance the Leadership’, ‘Comparing and Contrasting Mission Command with the Command adopted by the Sri Lanka Army during the Eelam Conflict’ and ‘Application of Mission Command in Hybrid Warfare Environment’ යන මාතෘකාවන් යටතේ දැනුවත් කරන ලදී.
‘සයිබර් ආරක්ෂාව’ පිළිබඳ එදින අවසන් සැසිය බ්‍රිගේඩියර් කේ.එම්.ආර්.පී කරුණාතිලකගේ ප්‍රදානත්වයෙන් පැවති අතර, එහිදී ඔහු විසින් සයිබර් ආරක්ෂාව පිළිබඳව ඔහුගේ දැනුම විකාශය කරන ලදී. අනතුරුව ලුතිතන් කර්නල් (ආචාර්ය) ජේ.ටී.වී.එස් වීරවර්ණ සහ කර්නල් එස්.පී.පී පක්ෂවීර විසින් ‘ජාතික ආරක්ෂාව වෙනුවෙන් සයිබර් ආරක්ෂව පිළිබඳව දැනුවත්වීම සහ උපායික මට්ටමේ සයිබර් ආරක්ෂාව’ යන මාතෘකාව යටතේ රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී.
දෙවන දින ප්‍රධාන සැසි තුනකින් සමන්විත වූ අතර, මෙහි පළමු සැසිය වූ ‘කාලීන සිදුවීම්’ සැසිය යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.වී රවිප්‍රිය විසින් මුලසුන දරන ලදී. එහිදී ‘The Importance of the Silk Route in South Asia in general and Sri Lanka in Particular’ යන මාතෘකාව යටතේ ඔහුගේ දැනුම සහ පලපුරුද්ද මත පදනම්ව සැසිය මෙහෙයවනු ලැබීය. මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර සහ එස් බෝගහවත්ත මහතා විසින් පිළිවෙලින් ශ්‍රී ලංකාවේ වාර්මාර්ග පද්ධතිය, සහ නාගරීකරණයට එහි ඇති බලපෑම සහ සූර්ය බලශක්තිය සහ අනාගත බලශක්තිය පිළිබද දේශණ පවත්වන ලදී.
මෙදින සිව්වන සැසියේ දී බ්‍රිගේඩියර් එච්.ටී වික්‍රමසේකර විසින් පෝෂණය සහ සොල්දාදුවාට ඇති එහි බලපෑම පිලිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී. කර්නල් ආර්.එම්.එම් මොනරාගල සහ ලුතිතන් කර්නල් එස්.එච්.පී.ඩී තිලකරත්න පිළිවෙලින් ඵලදායී මනෝ විද්‍යාව තුලින් මානසික ආතතිය කළමණාකරනය සහ තම ඒකක සෙබලුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළබඳව අණදෙන නිලධාරීන්ගේ වගකීම මැයෙන් දේශණ පවත්වනු ලැබීය.
මෙම සම්මන්ත්‍රණයෙහි අවසන් සැසියෙහි මුලසුන බ්‍රිගේඩියර් ඩී.එම්.යූ.බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබූ අතර, එහිදී අන්තවාදය පරාජය කිරීමට මනෝ විද්‍යාත්මක ක්‍රියාන්විතයන් හි කාර්යභාරය’ පිළිබඳව දේශණය පැවැත් වූ අතර, කර්නල් එල්.සී. ආර් ජයසූරිය විසින් ‘තොරතුරු මෙහෙයුම් හා ජනතාව මත එහි බලපෑම’ පිළිබඳව දේශණ පවත්වනු ලැබීය.
සියලුම සැසිවාර අවසානයේ සාකච්ඡා සැසි සහ ප්‍රශ්න සඳහා පිලිතුරු ලබා දීමේ සැසි පවත්වන ලද අතර, සහභාගි වූවන් හට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව ලබා දෙන ලදී.
නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එම්.ඩී.සී.ඩී ගුනවර්ධන විසින් සහභාගිවූවන් සඳහා සහතික පත් ප්‍රදානය කරන ලදී.
දෙදිනක් පුරා පැවති මෙම සම්මන්ත්‍රණයේ අවසන් දේශණය නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙහි ප්‍රධාන උපදේශක කර්නල් ඩබ්ලිව් චන්ද්‍රසිරි විසින් සිදු කරනු ලැබීය.
එම සමුළුව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.පී දඉසෙඩ් වික්‍රමරත්න සහ මේජර් ජෙනරාල් ආර්.ඒ නුගේරා ද සහභාගි වූහ.
සමුළුව 2/2016 සඳහා යුද හමුදාව නියෝජනය කරමින් ලුතිතන් කර්නල් සහ මේජර් නිලයෙහි 61 දෙනෙකු සහභාගි වූහ.
ජායාරූප අනුග්‍රහය :- නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය - බුත්තල
Nike footwear | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger