Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2016 13:42:51 Hours

10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය තවත් එක් බලඇණි පුහුණු පාඨමාලාවක් නිමකරයි

10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණිය මුලන්කාවිල්හි පිහිටි බලඇණි පුහුණු පාසලේදී තම බලඇණි පුහුණු පාඨමාලාව දෙසැම්බර් 19 වන දින සාර්ථකව නිමකරන ලදී.

පාබල බලඇණියක කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය පවත්වාගෙනයාමේ අරමුණින් පැවති මෙම පාඨමාලාව ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ වී දෙසැම්බර් මස 19 දින අවසන් විය.

653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්ද්‍ර පාඨමාලාවේ සමාප්ති අවස්ථාවට එක් වු අතර, ඔහු විසින් විශේෂ දේශණයක් සිදුකරමින් පාබල සොල්දාදුවෙකු බලඇණි පුහුණුවක යෙදිමේ ඇති වැදගත්කම පිලිබඳව අවධාරණය කරන ලදි.

Running sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov