Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2016 14:25:39 Hours

සාලාව ප්‍රදේශයේ පිපිරීමෙන් පසු එම ප්‍රදේශයේ තරුණයින් හට ඇති වූ මනෝ විද්‍යාත්මක බලපෑම පිළිබඳව ඇගයේ

සාලාව ප්‍රදේශයේ සිදු වූ පිපිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ තරුණ පුජාව තුළ ඇති වූ මනෝවිද්‍යාත්මක බලපෑම පිලිබඳව ඇගයීමේ වැඩසටහනක් යුද හමුදා මනෝ විද්‍යාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමගින් සඳුදා (19) දින පවත්වන ලදී.

මෙම වැඩසටහන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් සිදු කරනු ලැබීය.

මෙම වැඩසටහනෙහි දේශණ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ලුතිතන් කර්නල් ඒ.ටී.එස් ආරියරත්න සහ ලුතිතන් කර්නල් ජේ.ඒ .යූ.ජේ.පී ජයසූරිය විසින් සිදු කරනු ලැබූ අතර, ප්‍රදේශයේ තරුණයින් සහ ළමුන් අතර, මානසික සංකූලතා ඇති නම් ඒවා නිශ්චය කරගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

ප්‍රදේශයේ තරුණයින් මෙම වැඩසටහනට ඉතා කැමැත්තක් දැක් වූ අතර, එමගින් නිපුණතා සංවර්ධනය, මානසික ආතතිය කළමනාකරණය, මත් පැන් භාවිතයෙන් වැලකීම සහ මනස සැහැල්ලු කිරීමේ අභ්‍යාස පිලිබඳව දැනුවත් කරන ලදී.

සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ බණ්ඩාර මාපා මහතා, නිලධාරීන්, සෙසු නිලයින්, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ තරුණයින් සහ ප්‍රදේශවාසීන් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Adidas footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals