Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2016 15:40:34 Hours

භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති සිය රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් ඩි.එස්.සී. වන්නිආරච්චි, භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස අඟහරුවාදා (22) දින රාජකාරි භාර ගන්නා ලදි.

මෙම තනතුරට පෙර මේජර් ජෙනරාල් ඩි.එස්.සී. වන්නිආරච්චි මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස කටයුතු කළහ.

භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර, මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිදුකුලසුරිය මීට පෙර මෙම තනතුරේ රාජකාරි කළහ.

අනතුරුව ඔහු විසින් සියලු නිලයින් ඇමතු අතර, මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

short url link | Sneakers Nike Shoes