Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2018 17:17:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීමට අයඳුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරීන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.

වයස අවුරුදු 18-22 අතර (2018 මාර්තු 21 වන දිනට) අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත් පාසල් විෂය බාහිර කටයුතු හා ක්‍රීඩා දක්ෂතා සහිත අයවලුන් හට කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88 සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන අතර, අයදුම්පත් භාරගැනීම 2018 ජනවාරි මස 15 වන දිනෙන් අවසන්වේ.

අයදුම්කරුවන්ට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ආරක්ෂක අධ්‍යයනය පිළිබඳව උපාධියකට හිමිකම් ලබමින් ඔවුන් දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ මාස 33 ක දිගුකාලීන පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිළ වෙබ් අඩවියේ (www.army.lk) මුල් පිටුවෙහි ‘අප හා එක්වන්න’ තීරුව හරහා අයඳුම්පත් බාගත කරගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා : 011 2058176 (බඳවා ගැනිමේ නිලධාරි)

Running sports | Womens Shoes Footwear & Shoes Online