ක්‍රීඩා
ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය - 2026, යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්
ජාතික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය - 2026, දියවන්නා ඔය පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 30 දින සිට 31 දින දක්වා පැවැත්විණි.
ජාතික ශූරතා මුෂ්ටි ප්‍රහාර ශූරතාවලිය 2025 හි ජයග්‍රහණය යුද්ධ හමුදාවට
ජාතික ශූරතා මුෂ්ටි ප්‍රහාර ශූරතාවලිය 2025, හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 26 දින සිට 30 දින පැවැත්විණි.
ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට
ජාතික කඹ ඇදීමේ තරඟාවලිය - 2026 අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩා පිටියේදී 2026 ජනවාරි මස 25 වන දින පැවැත්විණි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ 28 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්
ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ජාතික බර ඉසිලීමේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2026 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හිදී පැවැත්විණි.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් තරඟාවලිය - 2025, කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 30 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන බිලියඩ් සහ ස්නූකර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය 2025 ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පරිශ්‍රයේදී 2025 දෙසැම්බර් මස 20 දින සාර්ථකව පවත්වන ලදී.
අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්
අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්
අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 10 දින සිට 12 දින දක්වා පවත්වනු ලැබීය.
ඉරානයේ පැවති 6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයන් දිවයිනටat 6th International Men’s Fajr Cup in Irant 6th International Men’s Fajr Cup in Iran
6 වන ජාත්‍යන්තර පිරිමි ෆජ්ර් කුසලාන බර ඉසිලීමේ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 26 දින සිට 30 දින දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කලාපීය රටවල මලල ක්‍රීඩකයින් සහභාගීවූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්
යුද්ධ හමුදා අන්තර් අන්තර් රෙජිමේන්තු වූෂු තරඟාවලිය 2025 නොවැම්බර් මස 25 දින සිට 27 දින දක්වා පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 127 දෙනෙකු සහභාගී වූහ.