නවතම තොරතුරු

ක්‍රීඩා

‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලියෙහි’ ජය යුද්ධ හමුදාවට

2025-01-20
‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලියෙහි’ ජය යුද්ධ හමුදාවට

The 2024 National Beach Sepaktakraw Championship, organised by the Sri Lanka National Sepaktakraw Association, concluded on 19th January 2025 at Mount Lavinia Beach. The Sri Lanka Army men's and women's Sepaktakraw teams emerged victorious in both t

ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.

he men's and women's events.
තව කියවන්න

52 පාබල සේනාංකය විසින් පාපන්දු තරඟාවලියක් පවත්වයි

2025-01-19
52 පාබල සේනාංකය විසින් පාපන්දු තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.

තව කියවන්න

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ සාර්ථකව අවසන්

2025-01-17
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය ගොල්ෆ් සමාජ පරිශ්‍රයේදී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වී සිය දක්‍ෂතා එළිදැක්වූහ.

තව කියවන්න

2024/2025 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා භටපිරිස් දස්කම් දක්වයි

2025-01-12
2024/2025 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා භටපිරිස් දස

13 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 ජාතික බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 09 දින අවසන් විය.

තව කියවන්න

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්

2025-01-01
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාව

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 29 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව කියවන්න