ක්‍රීඩා
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නදීෂා රාමනායක සහ සුමේධ රණසිංහ තේරී පත් වෙයි
IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, 400m ඉසව්වේ ජාතික ශූරිය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර් නදීශා තේරීපත්ව ඇති අතර, මෙවර ලෝක ශූරතා තරඟාවලියට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකාව ලෙස ඇය පත්විය. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 13 දින සිට 21 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්
ප්‍රථම වරට පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ශූරතාවලිය යුද්ධ හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 08 ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 24 සිට 26 දින දක්වා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාරට ලෝකඩ පදක්කමක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාර 2025 අගෝස්තු මස 26 දින ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.
ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයෙන් බළලත් නිලධාරි I නදීෂා ලේකම්ගේ රිදී පදක්කමක් හිමිකර ගනී
2025 අගෝස්තු මස 22 දින දකුණු කොරියාවේ පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්ථා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තාය.
2025 ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමට පදක්කම් රැසක්
ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලිය - 2025, තායිලන්තයේ හැට්යායි හිදී 2025 ජුලි මස 22 දින සිට 27 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා පිරිමි සහ කාන්තා යන අංශවලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටි රටවල් 16ක් සහභාගී විය. මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමේ දක්‍ෂතා පහත පරිදි වේ.
60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන්
60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 අගෝස්තු මස 20 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් විය.
103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය යුද්ධ හමුදාවට
103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කමිටුව විසින් 2025 අගෝස්තු මස 02 දින සිට 03 දින දක්වා දියගම, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලදී.
13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලියේ ශූරතාවය අඛණ්ඩව සිව්වන වරටත් යුද්ධ හමුදාවට
13 වන ආරක්‍ෂක සේවා කරාතේ තරඟාවලිය 2025 අගෝස්තු මස 04 සහ 05 දෙදින තුළ පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සත්කාරකත්වය දරන ලදී.
‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
යුද්ධ හමුදාධිපති කුසලාන ‘අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජූනි මස 24 දින ආරම්භ වූ අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය 2025 අගෝස්තු මස 01 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රගර් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආරක්‍ෂක සේවා පැසිපන්දු තරඟාවලියේ ශූරතාවය තෙවන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
වැලිසර, නාවික හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2025 ජූලි මස 21 සිට 24 දින දක්වා ‘13 වන ආරක්‍ෂක සේවා පැසිපන්දු තරඟාවලිය 2024/2025’ පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්වූහ.