ක්‍රීඩා
2025 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
2025 ඔක්තෝබර් මස 25 දින ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් රාශියක් දිනා ගනිමින් ජාතියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන එන ලදී. තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය 2025 සාර්ථකව අවසන්
යුද්ධ හමුදා ස්කොෂ් කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් ශූරතාවලිය 2025 යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 05 දින සිට 15 දින දක්වා මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරේදී පැවැත්විණි.
යුද්ධ හමුදා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබයි
නුදුරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිත වන අතර, මෙම ශූරතාවලිය 2025 ඔක්තෝබර් මස 24, 25 යන දෙදින තුළ ඉන්දියාවේ, රාංචිහිදී පැවැත්වේ.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්
යුද්ධ හමුදා චෙස් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය - 2025 ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 135 දෙනෙකු සහභාගී වූහ.
යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගනී
2025 ඔක්තෝබර් මස 02 දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරා මලල ක්‍රීඩක කෝප්‍රල් නුවන් ඉන්දික ගමගේ විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
ප්‍රථම වරට පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය වෙරළ අත්පන්දු ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 18 දින සිට 22 දින දක්වා මාලදිවයිනේ පැවති අතර, ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික පිරිමි වෙරළ අත්පන්දු කණ්ඩායම විසින් රිදී පදක්කම දිනාගන්නා ලදී.
13 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට
13 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරඟාලිය මෙවරත් 2025 සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි සාමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගී විය.
13 වන ආරක්ෂක සේවා යතුරුපැදි තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට
13 වන ආරක්ෂක සේවා යතුරුපැදි ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 11 දින සාලියපුර ගජබා රෙජිමේන්තු සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවති අතර, එම තරඟාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට හිමිවිය.
ඉන්දු-ලංකා මිත්‍රශීලී කබඩි තරඟාවලිය පවත්වයි
ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික ක්‍රීඩා දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස, ඉන්දීය යුද්ධ හමුදා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කණ්ඩායම අතර මිත්‍රශීලී කබඩි තරඟාවලියක් 2025 දෙසැම්බර් මස 02 දින සහ 04 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2025 අන්තර් මාධ්‍ය මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ට දක්‍ෂතා දක්වයි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් මාධ්‍ය මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය - 2025 කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 අගෝස්තු මස 18 දින සිට 21 දින දක්වා පැවැත්වු අතර, මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 20ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 85 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 36 දෙනෙකු සහභාගි විය.