නවතම තොරතුරු

ක්‍රීඩා

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

2025-12-03
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

2025 නොවැම්බර් මස 03 දින සිට පානාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය 2025 නොවැම්බර් මස 06 දින සාර්ථකව අවසන් විය. රෙජිමේන්තු 14 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 182 දෙනෙකු මෙම තරඟාවලියේ විවිධ කාණ්ඩ යටතේ තරඟ වැදුණි.

තව කියවන්න

ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතා තරඟාවලිය - 2025 හි ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

2025-11-27
ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතා තරඟාවලිය - 2025 හි ශූරතාව

සුරනිමල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ඩබ්ලිව්. එස්. බොතේජු අනුස්මරණ මල්ලවපොර ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 22 සහ 23 යන දිනයන්හිදී ජා-ඇල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndu ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් 34 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වූහ.සහභාගි වූහ.

තව කියවන්න

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය- 2025 සාර්ථකව අවසන්

2025-11-20
අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය- 2025 සාර්ථකව අවසන්

20 වන අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ ශූරතාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 නොවැම්බර් මස 12 දින සිට 14 දින දක්වා පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-11-13
යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 සාර්ථ

යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර්-රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2025 නොවැම්බර් මස 7 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-11-11
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2025 පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 සැප්තැම්බර් මස 01, 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්විණි. ඒ සඳහා රෙජිමේන්තු 10 ක් නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 කට වැඩි පිරිසක් තම දක්‍ෂතා, විනය සහ ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළහ.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවෙන් උපදේශකයන් සහ කළු පටි හිමි ක්‍රීඩකයින් සඳහා වැඩමුළුවක්

2025-11-03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවෙන් උපදේශකයන් සහ කළු පටි හිමි ක

යුද්ධ හමුදාවේ ටයිකොන්ඩෝ උපදේශකවරුන් සහ කළු පටි හිමි ක්‍රීඩකයින් වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව විසින් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වු දෙදින වැඩමුළුව 2025 අගෝස්තු මස 20 දින සිට 21 දින දක්වා පැවැත්විණ.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනට

2025-11-03
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදාවට සහ ජාතියට අභිමානයක් එක් කරමින්, කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනාගත් 2 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් වයි.ඩී.අයි කුමාර ඇතුළු ජාතික බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-11-02
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025 සාර්ථක

යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය - 2025, 2025 අගෝස්තු මස 28 සහ 29 යන දිනයන්හිදී උඩවලවේදී පැවැත්වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 118 දෙනෙකු සහභාගී වූහ.

තව කියවන්න

4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2025-10-30
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් ඉන්දියාවේ රාන්චි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මවිබ්මට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙමින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අගයමින් ඔවුන් ලැබූ ජයග්‍රහණයන් සඳහා සුබ පැතුම් එක් කරන ලදී.

තව කියවන්න

4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට පැමිණෙයි

2025-10-28
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැ

4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී මෙරට නියෝජනය කළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ඔක්තෝබර් මස 28 දින දිවයිනට පැමිණියහ.

තව කියවන්න