ක්‍රීඩා
ITMA ආසියානු මුයිතායි ශූරතාවලිය – 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි
2026 මැයි මස 28 දින සිට ජුනි මස 02 දින දක්වා මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් පරිශ්‍රයේදී පැවති ITMA ආසියානු මුයිතායි ශූරතාවලියේදී යුද්ධ හමුදා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026, යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි
ජාතික බිලියඩ් සහ ස්නූකර් සංගමය විසින් සංවිධානය කරන ලද 71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026 මැයි මාසයේදී එම සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ශූරතාවලියේ අවසන් තරගය 2026 මැයි මස 24 වන දින කොළඹ 03, ඔටෝමොබයිල් ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි.
මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සන්ධාන කාන්තා රග්බි තරගාවලිය 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වයි
2026 මැයි මස 16 දින සහ 17 යන දිනවල උස්බෙකිස්තානයේ තෂ්කෙන්ට් නුවරදී, කලාපයේ රටවල් 11 ක සහභාගීත්වයෙන් පැවැත්වුණු 'මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි සන්ධාන කාන්තා රග්බි තරගාවලිය 2026' හි ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.
6 වන ආසියානු කුසලාන වෙරළ කබඩි තරගාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයන් දක්ෂතා පෙන්වයි
6 වන ආසියානු කුසලාන වෙරළ කබඩි තරගාවලිය 2026 අප්‍රේල් මස 20 දින සිට 29 දක්වා චීනයේ සැන්යා වෙරළ තීරයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයන් තිදෙනෙකු සහ එක් කාන්තා ක්‍රීඩිකාවක් මෙම තරගාවලියට සහභාගී වූහ.
මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයෙකු දක්ෂතා දක්වයි
2026 මැයි මස 07 දින සිට 09 දක්වා මාලදිවයිනේ මාලේ නුවර 2 වන වරට පැවැති ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කෝප්‍රල් එම්.ජී.ආර්.එම්.එන්.පී.එස්. කුමාර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් රිටි පැනීමේ නව ජාතික වාර්තාවක්
2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරඟයන්හිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් සමත් විය.
2026 ජාතික නවකයන්ගේ බොක්සිං තරගාවලිය දියගමදී සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික නවකයන්ගේ බොක්සිං තරගාවලිය, 2026 මැයි මස 04 දින සිට 08 දින දක්වා දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Commonwealth Youth/Junior Championships & Universal Cup තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි
Commonwealth Youth/Junior Championships & Universal Cup - 2026 තරඟාවලිය 2026 අප්‍රේල් මස 25 දින සිට මැයි මස 02 දක්වා සැමෝවාහි එපියා නුවරදී පවත්වනු ලැබූ අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.
ආසියානු විසි කිරීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් දිනා ගනී
2026 මැයි මස 03 දින කොරියානු සමූහාණ්ඩුවේ මොක්පෝ හි පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලලත් නිලධාරී I එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ඒ.එස්.ජේ. රණසිංහ කාන්තා හා පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
2025/2026 SLC Tier B තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය යුද්ධ හමුදාවට
The Sri Lanka Cricket Tier B Three-Day Tournament 2025/2026 was held from 15 November 2025 to 17 February 2026. Twelve major clubs, including Army Cricket Club and Navy Cricket Club, competed in the tournament.