2026-06-05
ITMA ආසියානු මුයිතායි ශූරතාවලිය – 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි
2026 මැයි මස 28 දින සිට ජුනි මස 02 දින දක්වා මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටල් පරිශ්‍රයේදී පැවති ITMA ආසියානු මුයිතායි ශූරතාවලියේදී යුද්ධ හමුදා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
මෙම ශූරතාවලියට ආසියානු රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
එහිදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගත්හ.
යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජී.එස්.කේ. පෙරේරා RSP ndc ගේ මඟ පෙන්වීම යටතේ මෙම ජයග්‍රහණයන් හිමිකර ගනු ලැබීය.