2026-05-29

71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026, යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

ජාතික බිලියඩ් සහ ස්නූකර් සංගමය විසින් සංවිධානය කරන ලද 71 වන ජාතික බිලියඩ් ශූරතාවලිය – 2026 මැයි මාසයේදී එම සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. ශූරතාවලියේ අවසන් තරගය 2026 මැයි මස 24 වන දින කොළඹ 03, ඔටෝමොබයිල් ක්‍රීඩා සමාජයේදී පැවැත්විණි.

දිස්ත්‍රික් බිලියඩ් තරඟාවලියේ සහ සමස්ත ලංකා බිලියඩ් තරඟාවලියේ දී, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කෝප්‍රල් සී.එම්.ජී. චන්ද්‍රසේකර ශූරතාවය හිමිකර ගනු ලැබීය.

ජාතික බිලියඩ් තරඟාවලියේ අවසන් තරඟයේදී, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එම්.එම්. මුබීන් අනුශූරතාවය හිමිකර ගනු ලැබීය.